ඔයා විවාහකයි නම්හරි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්හරි අනිවාරෙන් මේ දේවල් ටික දැන ගන්න

ඕනේම විවාහ ජීවිතයක් ඇතුලේ ගැටළු ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. මේ ගැටළු පොඩි දේවල් වෙන්නත් පුලුවන් ලොකු දේවල් වෙන්නත් පුලුවන්. ඒ වගෙම සමහර යුවලවල් විවාහ වෙලා අවුරුදු 2-3න් දික්කසාද වෙනවා වගෙම සමහර යුවලවල් දීර්ඝ කාලයක් සතුටින් ජිවත් වෙනවා. ඉතින් මේ හැමදේටම බලපාන්නෙ වාසනාව අවාසනාවම විතරක් නෙමෙයි. සතුටින් ජීවත් වෙන සෑම යුවලක් තුලම හොද තේරුම් ගැනීමක් වගේම සරළ සංකල්ප කිහිපයක් තියෙනවා. ඉතින් අපි අද ඕනෙම විවාහක යුවලක් පොදුවේ මුහුණ දෙන ගැටළු කිහිපයකට සාර්ථකව මුහුණ දෙන විදිය ගැන ඔයාව දැනුවත් කරනවා.

1. අමතර බර.

විවාහ වීමෙන් පසුව බොහෝ යුවලවල් බර වැඩි වීමේ ගැටළුවට මුහුන දෙනවා. ග්ලාස්ගෝ විශ්ව විද්යාලයේ විද්යාඥයන් පිරිසක් විසින් සිදු කල පරික්ෂණයකින් හෙලි වෙලා තියෙනවා අලුතින් විවාහ වුනු ජෝඩු ඔවුන්ගේ පලමු වසර තුල රාත්තල් 3-5ක් පමන බර වැඩි කර ගන්නවා කියලා. සාමාන්‍යයෙන් විවාහක අය තනියෙන් සිටින අයට වඩා රත්තල් 13ක් විතර බරින් වැඩියි. බොහෝ විට මෙසේ විවාහ වූ විගසම බර වැඩි වෙන්න හේතුව කායික හා මානසික යන අංශ දේකෙම ඇති වන අලුත් පිබිදීම වෙන්න පුලුවන්.

මේකට මොකද කරන්නේ?

ඔයාගේ ශරීරය ගැන වෙනදාට වඩා සැලකිලිමත් වෙන එක තමයි කරන්න තියෙන්නේ. පෝෂණවේදීන් කියන විදියට කාන්තාවන්ට වඩා වේගයෙන් පිරිමින්ට ඔවුන්ගේ බර අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වුනාට කාන්තා ඔබ දුක් වෙන්න එපා. දිනපතාම ව්‍යායාම වල නිරත වෙන්න, සවස් කාලයේ ඇවිදින්න යන්න, බයිසිකල් පදින්න වගෙම ආහාර වේල ගැනත් සැලකිලිමත් වෙන්න.

 

2. දරුවන්ගේ උපත මූල්‍ය අර්බුදයකට මග පාදයි.

බොහෝ වෙලාවට අලුත් විවාහ වුනු යුවලවල් වලට අනපේක්ෂිත දරු උපත් නිසා මූල්‍යමය ගැටළු වලට බොහෝ විට මුහුණ දෙන්න සිදු වෙනවා. NerdWallet මගින් කරන ලද සමික්ෂණයකින් හෙලි වුනේ දරුවන් බලාපොරොත්තු නොවන පවුල් වලට අනපේක්ෂිත දරු උපත් වලට මුහුණ දිමට සිදු වීමෙන් ඔවුන්ගේ මුල්‍ය තත්වය අස්ථාවර වී ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වෙනවා කියලයි. බොහෝ වෙලාවට අඩු ආදායම්ලාභි හා මධ්‍යමපාන්තික පවුල් තමයි මේ ගැටළුවලට බහුලව මුහුණ දෙන්නේ.

මේකට මොකද කරන්නේ?

ඔබේ පලමු දරුවා ඉපදීමට පෙර සිටම මුදල් ඉතිරි කිරීම අරඹන්න. ඒවගෙම සියලුම අනවශ්‍ය වියදම් කපා හරින්න. ඔබට දැරිය හැකි දේවල් පමනක් මිලට ගන්න. ඔබේ තත්වය අවබෝධ කරගෙන එයට අනුව හැඩ ගැහෙන්න.

 

3. නැන්දම්මා සමඟ ගැටුම්.

නැන්දම්මා සහ ලේලිය අතර ගැටුම් වගෙම බෑනා සහ නැන්දම්මා අතර ගැටුමුත් ඈත ඉතිහාසයේ සිටම වාර්තා වෙනවා. මනෝවිද්යාඥයින් පවසන්නේ මේ ගැටුම් මගින් සියලුම පාර්ශවයන්ගේ සෞඛ්‍යට හානියක් වෙන්න පුලුවන් කියලයි.

නැන්දම්මා සහ ලේලිය අතර ගැටුම් මගින් බොහෝ විට ආතතිය වර්ධනය වෙන බව වාර්තා වෙනවා. ඒවගෙම සමීක්ෂණයක් මගින් හෙලි වෙලා තියෙනවා නැන්දම්මාවරුන්ගෙන් 2/3ක්ම තම පුත්‍රයාගේ බිරිද කෙරෙහි සෑහීමකට පත් නොවන බව හා එම ලේලිවරුන් තම ස්වාමියාගේ මව කෙරෙහි සෘණාත්මක ආකල්පයක් දරනවා කියලා. ජපන් ජාතික විද්යාඥයින් පිරිසක් අලුතින්ම සොයාගෙන තියෙන විදියට නැන්දම්මා සමග ජීවත් වෙන බොහෝ ලේලිවරුන්ට හෘද රෝග ඇති වීමේ අවදානමක් පවතිනවා.

මේකට මොකද කරන්නේ?

මේ ගැටුම් වලින් වැලකීමට හොදම ක්‍රමය වෙන්නේ නැන්දම්මා සහ ලේලිය වෙන වෙනම ජීවත් වීමයි. මුලදි වෙනම ජීවත් වීම අරඹන එක අභියෝගයක් වෙන්න පුලුවන්. නමුත් එසේ කිරීමට හැකි නම් එය බොහෝ වටිනවා. නමුත් වෙනම ජිවත් වීමට හැකියාවක් නොමැති නම් නැන්දම්මා සමග විවාදයට යනවාට වඩා ඔබේ ස්වාමියාට පවතින තත්වය පිලිබද පැහැදිලි කර දෙන එක වඩාත් හොදයි.

 

4. මුදල් වියදම් කිරීම.

සංඛ්යාලේඛන අනුව, දික්කසාද වීමට එක හේතුවක් වන්නේ මුදල් සම්බන්ධ ගැටුම්ය. බොහෝ වෙලාවට විවාහයෙන් පසුව පිරිහීමට පත්වෙන මුදල් සම්බන්ධව, විශේෂයෙන් වැඩියෙන් මුදල් උපයන පාර්ෂවයට එය මානසික පීඩනයක් ගෙනදෙන දෙයක් වෙන්න පුලුවන්. අවාසනාවට, “පරිකල්පනීය” ත්‍යාගශීලිත්වය නිසා බොහෝ යුවලවල් එකිනෙකා සමග මේ ගැන කතා කිරීමට පෙලඹෙන්නේ නැහැ.

මේකට මොකද කරන්නේ?

මූල්ය විශේෂඥයෝ නිර්දේශ කරන්නේ මුදල් සම්බන්ධ ගැටළු තිබේ නම් දෙදෙනාම විවෘතව කතා කල යුතු බවයි. ඒවගෙම ඔබේ ප්‍රමුඛතා සදහා මුදල් සැලකිල්ලෙන් වියදම් කිරීමට වගෙම ඉතිරි කිරීමටද වගබලා ගත යුතුයි.

 

5. ඔබේ සහකරුගේ පුරුදු වලට කණගාටු වීම.

බොහෝ විට යුවලක් එකට ජීවත් වීමට පටන් ගෙන මාස කිහිපයක් යනවිට තමයි එකිනෙකාගේ සැගවී තිබුනු පුරුදු එකිනෙකාට දකින්නට ලැබෙන්නේ. මනෝවිද්යාඥයින් පවසන්නේ බොහෝ ජොඩු වලට මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්න සිදු වෙනවා කියලයි. බොහෝ වෙලාවට ඒවා, ක්‍රීඩා සදහා කැමැත්ත, පොත් කියවීම, වීඩියෝ ක්‍රීඩා, මිතුරන් අතර ජනප්‍රියත්වය වගේ දේවල් වෙන්න පුලුවන්. නමුත් මේ පුරුදු වලින් කියවෙන්නේ ඔබේ ආදරය අවසන් කියන එක නෙමෙයි.

මේකට මොකද කරන්නේ?

ඒවා නරක පුරුදු නෙමෙයි නම් අනුමත කරන්න. ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ පුරුදු වලට ඔබත් ආදරය කරන්න. ඒවා සමග ගැලපීමට උත්සාහ කරන්න. ඔබ නොහිතුවාට ඒවා ඇත්තටම විනෝදජනක වෙන්න පුලුවන්. ඔබේ ආදරය විශ්වාස කරන්න.

 

6. වැදගත් දිනයන් අමතක කිරීම.

සහකරුවාගේ හෝ සහකාරියගේ වැදගත් දිනයන් අමතක කර දැමීම නිසා පාර්ෂවකරු ඔබ කෙරෙහි කලකිරීමට පත් වෙන්න පුලුවන්. සමහර විට එය පෞද්ගලික අපහාසයක් විදියට පාර්ශවකරුට දැනෙනවා. එය විවාහ වු දිනය, අනෙකාගේ උපන්දිනය හෝ ඔබ දෙදෙනා හමු වුනු මුල්ම දිනය වෙන්න ඇති. සමහර විට ඔබට තිබෙන රාජකාරි බහුලකම නිසා හා වැඩ අධිකකම නිසා මෙසේ අමතකව යනවා වෙන්න පුලුවන්. නමුත් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයේ ශක්තිමත් භාවයට මේ වැදගත් දිනයන් මතක තබා ගැනීම ඉතාම වටිනවා.

මේකට මොකද කරන්නේ?

ඔබේ පවුලේ අයගේ වැදගත් දිනයන් හා ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයේ වැදගත් දිනයන් සහකාරියට හෝ සහකරුට මතක් කරන්න. එය ඔබ දෙදෙනාගේ පවුල් ජීවිතය ශක්තිමත් කිරීමට උපකාරයක් වෙයි. ඒවගෙම ඔබත් දින දර්ශනයක හෝ ලකුණු කරගෙන මතක තියා ගන්න සැලකිලිමත් වෙන්න.

 

7. කලකිරීමට පත් වීම.

විවාහ වී මධුසමය ගත කිරීමෙන් අනතුරුව වසරක් පමන ගත වන විට බොහෝ අයගේ සම්බන්ධතා කම්මැලි එපා වූ ඒවා බවට පත් වෙනවා. මුල් කාලයේ පැවති පුදුම කිරීම්, ආදර සංවාද වගෙම ආදර ආලිංගනත් ක්‍රමයෙන් සාමාන්‍ය දේවල් බවට පත් වෙලා මගහැරී යන්න පුලුවන්. මේ ආකාරයට දිගින් දිගටම ගියොත් එය ඔබේ විවාහ ජීවිතයේ ඛේදජනක අවසානයක් ඇති කරන දෙයක් විය හැකියි.

මේකට මොකද කරන්නේ?

විවාහ වීමෙන් පසුව ඔබ දෙදෙනාම එකම නිවහනක ජීවත් වීම නිසා, ජීවන අභියෝග වලට මුහුණ දීමට සිදු වන නිසා වගෙම සමහර විට දරුවන්ගේ ගැටළු නිසා සම්බන්ධය සාමාන්‍ය ඒකාකාරි දෙයක් බවට පත් වෙනවා. මේ සියලු ගැටළු හමුවේ කාලත්‍රයන්ට ඔවුන් දෙදෙනාගේ ආදර ජීවිතය ගැන සිතීමට ඉඩක් නොලැබෙන්න පුලුවන්. නමුත් මනෝවිද්යාඥයින් පවසන්නේ ජීවිතයේ පැමිනෙන ගැටළු වලට කතාබහ කර එකගතාවකට පැමිනීමෙන් සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් කියලයි. ඒවගෙම එය දෙදෙනා අතර සබදතාව නොබිදි පවත්වාගෙන යාමට මෙන්ම සමස්ත පවුලේ සියලු දෙනා වෙනුවෙන්ම එය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා විවාහ වී කොපමන කාලයක් ගත වුනත් ඔබ දෙදෙනාට පමනක් නිදහසේ කතා කිරීමට වෙලාවක් වෙන්කර ගන්න, කෑමට එලියට යන්න, චිත්‍රපටියක් නරඹන්න යන්න, ජීවිතය ඒකාකාරිව ගලාගෙන යාමට ඉඩ දෙන්න එපා.

 

8. දෙදෙනා එකටම සිටිය යුතුයි යන මතය.

සබදතාවයක් ශක්තිමත් වීමට නම් කාලත්‍රයන් දෙදෙනාම ඔවුන්ගේ විවේක කාලය එකටම ගත කල යුතුයි යන පොදු මතයක් තියෙනවා. නමුත් මෙසේ තමන්ගේ ජීවිතයේ සියලුම ආශාවන් කැප කර එකටම කාලය ගත කරන විට වසරක් දෙකක් පමන යන විට සමහර යුවලවල් කලකිරීමට පත් වෙනවා.

මේකට මොකද කරන්නේ?

ඕනෙම යුවලක් අතර අනෙකාට රසවත් නොවන එකිනෙකාට ආවේනික විනෝදාංශ තියෙන්න පුලුවන්. ඇත්තටම එම විනෝදාංශ හා අවශ්‍යතා විනාශකාරි නැහැ. ඉතින් සති අන්තයෙ යම් වෙලාවක් එකිනෙකාගෙන් වෙන්ව එකිනෙකා කැමති විනෝදාංශ වල යෙදීමෙන් ඔබේ සම්බන්ධය බිද වැටෙන්නේ නැහැ. එය තවත් ශක්තිමත් වෙනවා.

 

9. නරක මිතුරන්.

අලුත් විවාහ ජීවිතය තුලදි දෙපාර්ෂවයටම නව නෑදෑයන් මෙන්ම නව මිතුරන් සමගද කටයුතු කිරීමට සිදු වෙනවා. නමුත් බොහෝ වෙලාවට අනෙකාගේ මිතුරන් සමග කටයුතු කිරීමෙදි ගැටුම්කාරිතත්ව ඇතිවෙනවා දකින්න ලැබෙනවා. බොහෝ වෙලාවට අලුත් විවාහයක් තුලදි පාර්ෂවකරුවන් සිතන්නේ මිතුරන් ඔවුන් දෙදෙනාගේ ජීවිතය තුල වැඩි ඉඩක් ගන්නවා කියලා වගෙම අනෙකාව වැරදි මගට යොමු කරනවා කියලයි.

මේකට මොකද කරන්නේ?

ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ ජීවිතයේ පලමු තැන මිතුරන්ට නොව ඔබට බව අවබෝධ කර ගන්න. සමහර විට ඔබේ පාර්ෂවකරුට හොද මිතුරකු සමග සන්නිවේදය කිරීම සිත්ගන්න දෙයක් වෙන්න පුලුවන්. මේරිලන්ඩ් විශ්ව විද්යාලයේ මහාචාර්යවරයෙක් වන ජෙෆ්රි ග්රේෆ් පවසන විදියට පවුල තුල හොද සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට මිතුරන්ද වැදගත් කාර්යක් ඉටු කරනවා. මෙයට බොහෝ වෙලාවට පොදු යහලුවන් විතරක් නෙමෙයි ඔබේ පාර්ෂවකරු ළමා අවදියේ සිටම හදුනන පවුලේ මිතුරන්ද ඇතුලත් වෙන්න පුලුවන්.

ඔබ ප්‍රිය නොකරන පුද්ගලයාව කිසිම විටක විවේචනය කරන්න යන්න එපා. ඔබත් එම මිතුරන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. සමහර විට ඔබ සිතනවාට වඩා ඔවුන් හොද පුද්ගලයන් වෙන්න පුලුවන්.

 

10. නින්දට යාමේ වෙනස් කාල සටහන.

විද්යාඥයන් සොයාගෙන තියෙන විදියට සමහර පුද්ගලයන්ට උදෑසන අවදි වීම නිසා ක්‍රියාශිලි හා උද්යෝගිමත් හැගීම් ඇති වෙන්න පුලුවන් වගෙම සමහර අයට සවස් කාලයේදි ක්‍රියාශීලි හා උද්යෝගිමත් හැගීම් ඇති වෙන්න පුලුවන්. ඉතින් මේ වර්ග දෙකෙන්ම යුවලක් එකතු වුනොත් මොකද වෙන්නේ. ඔවුන් දෙදෙනාගේ මේ අසමමිතිකත්වය නිසා ගැටළු ඇති වෙන්න පුලුවන් වගෙම අනෙකාගේ සෞඛ්‍යටද අයහපත් ලෙස බලපාන්න පුලුවන්.

මේකට මොකද කරන්නේ?

ඔබේ ජිවිත වල තිබෙන වෙනස් ජීව විද්‍යාත්මක රිද්මයන්, දෙදෙනා අතර සම්මුතියක් සොයා ගන්නා තුරු ප්‍රීතිමත් විවාහ දිවියකට කිසිම ආකාරයකින් බාදාවක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ඔබේ සහකරු හෝ සහකාරිය නිදා ගෙන සිටින අතරතුර ඔබේ පවුලට ප්‍රයෙජනවත් වෙන දේවල් බොහෝ ප්‍රමානයක් ඔබට කල හැකියි.

 

11. ගෘහස්ත රාජකාරි අසමාන ලෙස බෙදා හැරීම.

21වන සියවසේ ජිවත් වුනත් ස්තී පුරුෂ භාවය පිලිබද වෙනස්කම තවමත් බොහෝ පවුල් වල පවතිනවා. මෙහිදි කාන්තාව නිවසේ කටයුතු කරගෙන නිවසේ සිටිය යුතු අතර සැමියා මුදල් ඉපයිය යුතුය. නමුත් මෙවැනි තත්වයක් තුල අපහාස හා ගැටුම් ඇති වීමේ වැඩි ඉඩක් පවතිනවා.

මේකට මොකද කරන්නේ?

විවාහයට පෙර සිටම ගෙදර දොර කටයුතු පිලිබද දෙදෙනා සාකච්චා කර එකගතාවයකට පැමිනෙන්න. ඒ වගෙම නව තාක්ෂණය සමග ඒකාබද්ධ වෙමින් ඔබේ එදිනෙදා ගෘහස්ථ කටයුතු පහසු කර ගන්න.(නිවසේ සිටම බිල්පත් ගෙවීම වැනි). ඒවගෙම භාර්යාව නිවසේ කටයුතු කරමින් නිවසේම සිටිය යුතුයි කියන ඒකාකෘතිය මේ වෙනකොට පහව යමින් තියෙනවා කියන එක ස්වාමියන් විසින් අවබෝධ කර ගත යුතුයි.

 

12. සුළු දේවල් පිලිබද තර්ක කිරීම.

මනෝවිද්යාඥයෝ පවසන්නේ පවුල් ජීවිතයක් තුලදි යම් දෙයක් පිලිබද හවුල් කරුවන්ගේ අමනාපය ඉහලම මට්ටමකට පැමිනි විට ගැටුම් ඇති වෙන්න පුලුවන් කියලයි. කොහොම වුනත් මෙවැනි ගැටුම් වල ප්‍රයෝජනත් තියෙනවා. ඒ තමයි එවැනි ගැටුම් ඔබේ සම්බන්ධතාවය යාවත්කාලීන කර නව මට්ටමකට ගෙන ඒමට උපකාර කරනවා. නමුත් කුඩා දෙයක් සම්බන්ධ ගැටුම් දුරදිග යනවා නම් එක ගැටළුවක් වෙන්න පුලුවන්.

මේකට මොකද කරන්නේ?

ඔබේ සහකරුව වෙනස් කිරීමට යන්න එපා. එවැනි උත්සාහයක් මගින් වෙන්නේ පාර්ශවකරුගේ කෝපය ඇවිස්සීමක් විතරක් වෙන්න පුලුවන්. ඒ වෙනුවට ඔවුන්ගේ මතයන්ට සවන් දීමට ඉගෙන ගන්න. සහකරුගේ හැගීම් වලට ඉවසීමෙන් හා ගෞරවයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් අර්බුද වලින් මිදෙන්න පහසු වෙනවා.

 

13. සහකරු අනෙක් කාන්තාවන් දෙස බැලීම.

ඔබේ ස්වාමියා වෙනත් කාන්තාවක් දෙස වුවමනාවෙන් බලනවා වගේ හැගිමක් ඔබට ඇති වෙලා තියෙනවද? සමහර විට එය වැරදීමකින් හෝ වෙනත් හේතුවක් නිසා වෙන්න පුලුවන්. නමුත් මේ ගැන කරදරයට පත්වෙන පාර්ෂවයට මෙය කණගාටුවට කරුණක් වගෙම සම්බන්ධතාවයේ අනාගතයට එය අර්බුදයක් ලෙස හැගෙන්න පුලුවන්. ගොඩක් ස්වාමියන්ගේ මතය තමයි තමන් කිසිම නරක ඇහැකින් වෙනත් කාන්තාවක් දෙස නොබැලුවත් ඔවුන්ගේ භාර්යාවන් ඒ සම්බන්ධව වැරදි අදහසක් ඇති කර ගන්නවා කියන එකයි.

මේකට මොකද කරන්නේ?

නිශ්ශබ්දව ඉන්න එපා. ඔබේ නොසතුට ගැන ඔබේ සහකරුට දැනුම් දෙන්න. එවිට ඔහු කිසිම නරක අදහසකින් එවැනි දෙයක් නොකලා කියන එක ගැන ඔබට විශ්වාසයක් ගොඩ නැගෙනවා වගෙම ඔහුත් නොදැනුවත්ව හෝ එවැනි දෙයක් වෙනවා නම් ඒ පිලිබද පරිස්සම් වීමට සැලකිලිමත් වෙනවා.

ඔයත් මේ ලැයිස්තුවේ තියෙන කරුණු එක්ක එකග වෙනවද? නැතිනම් වෙනස් අදහස් තියෙනවද? ඒ ගැන අපිට කියන්න. සුභ දවසක්.

Facebook Comments
Like