කෙනෙක්ව ආදරය කරන්න පොලොබවන ට්‍රික්ස් සමූහයක්..

ආදරේ කරන්න කෙනෙක්ව දැලේ දාගන්න ඉන්න අයට ඔන්න මේක ගොඩක් වැදගත්. සාමාන්‍ය විදියට නැතුව කෙනෙක්ගේ මානසික තත්වය ගැන අවබෝධ කරගෙන, එයට අනුව ආදරයකට පොළඹවා ගන්න පුලුවන් කියලා අධ්‍යනවලින් හොයාගෙන තියෙනවා. හැබැයි මේ ක්‍රමය හරියටම හරි යන්න නම් ඔයා උත්සාහ කරන පුදගලයා තුල ඔයා ගැන අවම හැගීමක්වත් තියෙන්නේ ඕනේ. ඉතින් ඒ සාමාන්‍ය හැගීම ගැඹුරු හැගීමක් කරලා ඔයාගේ ආදරේ ඔයාටම හිමි කරගන්න, අපි මේ කියන මනෝවිද්‍යාත්මක උපක්‍රම ටික උපකාරි වෙයි.

1. හමුවෙන පළමු දිනයේදී අයිස්ක්‍රීම් ලබා ගන්න එපා.

සමාජ මනෝවෛද්‍ය ජෝන් බාර්ග් කරලා තියෙන අධ්‍යනයකින් හෙලි වෙලා තියෙනවා පුද්ගලයකුගේ ශරීර උෂ්ණත්වය හා මනෝභාවය අතර ඉතාම සිතගන්නාසුළු සම්බන්ධයක් තියෙනවා කියලා.

අපි ශාරීරිකව උණුසුම් වෙනකොට අනෙක් පුද්ගලයන් සමග හොදින් සුහදශීලි වෙන්න පුලුවන් බව පෙනී යනවා. මේ උපක්‍රමය විශේෂයෙන්ම වැදගත් වන්නේ කෙනෙක්ගේ විශ්වාසය දිනා ගන්න පුලුවන් හමුවීමේ පලමු දිනය තුලයි. ඉතින් ඔයාගේ ආදර පාර්ෂවය හමු වෙන පළමු දිනය තුල (ආදර මෙන්ම ව්‍යාපාරික සබදතා වලදිත්) උණුසුම් ස්ථාන, උණුසුම් ආහාර හා උණුසුම් බීම වර්ග තෝරා ගන්න හොදින් මතක තියා ගන්න.

2. අක්ෂි සබදතාවය.

හාවර්ඩ් මනෝවිද්යාඥ සික් රුබින් ආදරය තෙරුම් ගැනිමට එය මැන බැලිය හැකි අධ්‍යනයක නිරත වෙලා තියෙනවා. මෙහිදී පුද්ගලයන් එකිනෙකා දෙස බලන වාර ගණන හා කාල සීමාව පිලිබද තමයි ඔහු අවදානය යොමු කරලා තියෙන්නේ. ගැඹුරින් ආදරය කරන ජෝඩුවක් කිසිම අකමැත්තකින් තොරව ඔවුන්ගේ සංවාදය පවත්වන කාලසීමාවේදී 75% ක් පමන එකිනෙකා දෙස බලාගෙන සිටින බව වගෙම, සාමාන්‍ය සංවාදයකදී පුද්ගලයන් 30% ත් 60%ත් දක්වා කාලයකදි පමනක් එකිනෙකා දෙස බලාගෙන සිටිනවා කියලා හොයාගෙන තියෙනවා.

මෙහෙම දිගු කාලීන අක්ෂි සබදතාවයක් පවත්වාගෙන යාමෙන් ආදරයට සංවේදී වීමට අපේ ස්නායු පද්ධතිය තුල ෆීනිතයිලමින් හොමෝනය නිපදවෙනවා. ඉතින් එතකොට ආදරය ඇති වෙන එක වලක්වන්න කිසිම කෙනෙකුට බැහැ.

3. ඔයා ගැන කිසිම දෙයක් සගවන්න එපා.

විවෘත හා අවංක අදහස් ඇති පුද්ගලයකුට කෙනෙක් කැමති විමේ වැඩි හැකියාවක් තියෙන බව හොයාගෙන තියෙනවා. ඉතින් ඔයා ඔයාගේ ජීවිතය ගැන අදහස් නිර්භිතව ආදරය කරන්න හදන කෙනාට කියනවා නම් ඔයාට ලැබෙන ලකුනු ප්‍රමානයත් වැඩි වෙනවා.

හාවර්ඩ් ව්‍යාපාරික පාසලේ විද්යාඥයින් පිරිසක් විසින් කරන ලද අධ්‍යනයකට අනුව, පලමු දිනය තුල විවෘත හා අවංක අදහස් ඇති පුද්ගලයන්ට 79%ක මනාපයක් ලැබිලා තියෙනවා. නරක පුරුදු, නරක රසයන්, අසීරු අවස්තාවන් හා සෘණ චරිත ලක්ෂණ මෙන්ම කිසිම දෙයක් ඔවුන් අනෙකාට සගවලා නැහැ. මේ කාරණයට මූලික හේතුව තමයි මේ සියල්ල රහසක් වීම: රහසක් සමග පුදගලයන් අතර විශ්වාසය හා අවබෝධය පදනම් කර ගත් විශේෂ සබදතාවයක් ගොඩ නැගීම ආදරයකට මුල පිරීමක් වෙන්න පුලුවන්.

4. ඔබ කිසිවක් කරන්න එපා. ඔවුන්ට යමක් කිරීමට ඉඩ දෙන්න.

අපි කෙනෙකුට යමක් දුන්විට හෝ හොද දෙයක් කල විට අපිට හොද හැගීමක් දැනෙනවා. ඒවගෙම අපි අපිගැන සතුටු වෙනවා වගේම අපි උපකාර කල පුද්ගලයා ගැනත් උණුසුම් හැගිමක් ඇති වෙනවා. නමුත් අපෙන් එම ත්‍යාගය ලැබීමට ඒ පුද්ගලයා සුදුසුයි වගෙම තමා ත්‍යාගශීලි පුද්ගලයෙක් බව පවසන විට, වගෙම හැගෙන විට දෙදෙනා අතර අදහස් හුවමාරුවට බාධාවක් ඇතිවෙනවා.

ඒනිසා අපි හමුවෙන මුල් දිනයේම අනෙකාට ත්‍යාගයක් හෝ උපකාරයක් ලබා දුන් විට ඒ පිලිබද ඒ පුද්ගලයාට ණයගැති බවක් වගෙම ප්‍රතිඋපකාර දැක්විය යුතුබවක් දැනෙනවා. එවිට ආදරක් ගොඩ නැගීමට නම් මනොවිද්‍යාත්මක බාධාවක් ඇති වෙන බව මතක තියා ගන්න එක වැදගත්.

5. ඔබ දෙදෙනා අතර රහස් භාෂාවක් රදවා ගන්න.

හමුවෙන පලමු දිනයේදි ඔබ දෙදෙනා අතර සිදුවෙන විනෝදාත්මක දේවල්, අද්වීතිය චලන, විශේෂ වචන ආදිය හොදින් මතක තියා ගන්න. එය චිත්‍රපටි දර්ශනයක්, විනෝදාත්මක දර්ශනයක්, ගීතයක්, පොතක් හෝ ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. පලමු දිනය තුල වෙන මේ පුන්චි දේවල් උනත් මගහැරෙන දෙන්න එපා.

ඔබ දෙදෙනා අතර මුල් දිනයේ සිදුවූ මේ පුන්චි සිදුවීම් පසුව එදිනෙදා සන්නිවේදනය කරන විට භාවිතා කරන්න. එවිට සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් හා සමීප වෙනවා කියලා ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ විද්යාඥයන් පිරිසක් හොයාගෙන තියෙනවා. මේ පුන්චි රහස් දෙදෙනාට පමනක් සීමාවිය යුතුයි වගෙම එකිනෙකා තේරුම් ගැනීමට මේ රහස් භාෂාව උපකාරයක් වෙයි.

6. කළු ඉංගිරියාවේ විශාලත්වය.

60 ගණන්වලදි හා 70 ගණන් වලදි පර්යේෂණයක් මගින් කෙනෙකුගේ කළු ඉංගිරියාවේ විශාලත්වය හා ආකර්ෂණය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මෙහිදී පුරුෂයන්ගේ ඡායාරූප 2ක් එකම කාන්තාවකට පෙන්වලා තියෙනවා. එක් ඡායාරූපයක් හිමි පුද්ගලයෙක් ගැන හොද ආරක්ෂණීය හැදින්වීමක් කරලා තියෙන අතර අනෙක් චා‍යාරූපය ගැන කිසිවක්ම කියලා නැහැ. ඉතින් ඡායාරූප දෙක බැලුවාම හැදින්වීමක් කල පුද්ගලයාව දකින විට කාන්තාවගේ කළු ඉංගිරියාව විශාල වෙලා තියෙන අතර අනෙක් ඡායාරූපය දකින විට කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

ඉතින් මේ තත්වය ඔයාගේ වාසියට භාවිතා කරන්න පුලුවන්. කෙනෙක් කළු ඉංගිරියාව විශාල වෙන තරමට පුදුම කරන්න ඕනෙ නම් ඔහු හෝ ඇය එක්ක රසවත් පුදුමහිතෙන මොහොතක් ගත කරන්න. ලයිට් එලි වෙනුවට ඉටිපන්දම් එලි, ජනාකීර්ණ ආපනශාලාවක් වෙනුවට ජනප්‍රිය නිස්කලන්ක වාතාවරණයක් සහිත තැනක් ආදිය තෝරා ගන්න ඔයාට පුලුවන්.

ඒ වගෙම ඇයගේ හෝ ඔහුගේ කළු ඉංගිරියාව විශාල වෙන ප්‍රමානය මත අවදානය යොමු කිරීමෙනුත් ඔයාට තියෙන ආකර්ෂණයේ ප්‍රමානය මැන ගන්න පුලුවන්.

7. නිතර ලන්වීමේන්, ඔවුන්ව ඔබගෙන් ඈත් කරයි.

අපිට සිහින වලදී නම් සතුටින් ජීවත් වෙන්න, කැමති කෙනෙක් හොයා ගන්න හරිම පහසුයි. නමුත් සැබෑ ලෝකයේදි නම් ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ. මේ විශේෂ උපක්‍රම හදුනා ගන්න ඕනේ ඒ නිසයි.

සබදතාවය පටන්ගත් මුල එකිනෙකා හදුනා ගන්න, සම්බන්ධතාවය ශක්තිමත් කර ගන්න යම් කාලයක් ගත කිරිම ගොඩක් වැදගත්. නමුත් මනෝවිද්යාඥයින් පවසන්නේ දින කිහිපයකට පසුව අනෙක් පුද්ගලයාගේ ජීවිතයෙන් තුල ඔබ මදක් විවේක ගත යුතුයි කියලයි. (ඔබ කැමති නැති වුවද). ඒ කියන්නේ වදයක් නොවී ඔබ යම් සීමාවකට අනුව සම්බන්ධතාවය පවත්වාගෙන යායුතුයි කියලයි. ඒක කරන්න ඕනෙ මෙන්න මේ හේතු නිසයි.

· එකිනෙකා වෙනුවන් වෙහෙසට පත් නොවීමට.

· ඔබ සමග තියෙන සම්බන්ධතාවය කොතරම් ලස්සනද යන්න තේරුම් ගැනීමට අනෙකාට යම් කාලයක් ලැබීමට.

· ඔබේ චිත්තවේගයන් පාලනය කර ගැනීමට හා පැහැදිලිව සිතීමට.

8. ධනාත්මක ඇසුරක් කරන්න.

ඔබට යම් සිතුවිල්ලක් නැවත නැවත සකස් කිරීමෙන් කෙනෙකුගේ මොළය සකස් කල හැකියි. අප ඉතාම වැදගත් පුද්ගලයන් සමග සන්නිවේදනය කිරීමේදී වචන ඉතාම පරිස්සමින් තෝරාගත යුත්තේ ඒ නිසයි.

ඔයගේ ප්‍රතිරූපය වඩා හොද කර ගැනීමට අනෙක් පුද්ගලයා ඔයාට වඩා හොදයි කියලා කියන්න උත්සාහ කරන්න. ඒ වගෙම ධනාත්මක ආකල්ප පැතිරවීම හා අනිත් කෙනාව ඒ අවස්තාවේ හොදින් තේරුම් ගැනීම මගින් ඔබ පිලිබද විශ්වාසයක් හා පැහැදීමක් අනෙකා තුල නිතැතින්ම ගොඩ නැගීමට පුලුවන්.

ඉතින් මේ විදියට try කරලා බලන්න. සහකාරයෙක් හරි සහකාරියක් හරි තෝරගන්න ඔයාට අමාරු වෙන එකක් නැහැ. love එකක් හොයා ගන්න බැරුව කට්ටකන යාළුවන්ටත් මේ ලිපිය share කරන්න. පොඩි හරි උදවුවක් වෙයි. සුභ දවසක්…

Facebook Comments
Like