මනෝවිද්යාඥයෝ කියන විදියට ආදරය වර්ග 7කට වෙන් කරන්න පුලුවන්. බලන්න ඔයාගෙ ආදරේ මොන වර්ගෙටද අයිති වෙන්නේ කියලා

ආදරය කියන්නේ මොකක්ද? අවුරුදු ගණනාවක් තිස්සේ දර්ශනවාදීන් හා විද්යාඥයින් මේකට ස්ථිර අදහසක් පල කරන්න උත්සාහ කරනවා. 1980 ගණන් වලදි ඇමරිකානු මනෝවිද්යාඥ රොබට් ස්ටර්න්බර්ග් ආදරය පිලිබද ආකෘතික න්‍යාය 3ක් තියෙන බව සොයා ගෙන තියෙනවා. ඒ තමයි චිත්තවේගීය සමීපත්වය, ආශාව සහ කැපවීම. මේ අනුව ආදරය වර්ග 7කට වෙන් කරන්න පුලුවන් කියලා ඔහු විශ්වාස කරනවා. අපි අද කියන්නේ ඒ ආදර වර්ග 7 ගැනයි.

1. අධික ප්‍රේමය.

එකිනෙකා පිලිබද අඩුවෙන්ම දන්න කාල වකවානුවෙදි අන්යෝන්ය ආකර්ෂණය මත පදනම් වෙලා තමයි මෙවැනි අධික ආදරයක් ගොඩක් වෙලාවට හට ගන්නේ. මෙවැනි සම්බන්ධතාවයකදි දෙදෙනාටම පොදුවූ දෙයක් තියෙනවාද නැද්ද යන්න පිලිබද ඔවුන් නොදන්නවා වුනාට ඔවුන් දෙදෙනා එකට රැදී ඉන්නවා.

මනෝවිද්යාඥයන්ට අනුව, මේ අධික ප්‍රේමය කාලයාගේ ඇවෑමෙන් වඩාත් සම්පූර්ණ වූ දෙයක් බවට පත්වෙනවා වුනත් හැම විටම එහෙම වෙන්නේ නැහැ. බොහෝ යුවලවල් මෙවැනි ආකාරයේ ප්‍රේමයකින් ඔබ්බට යන්න සමත් වෙන්නේ නැහැ.

 

2. කැමැත්ත.

මෙවැනි සම්බන්ධතාවයක් තුල ඔබට හැම විටම ඔබ විය හැකියි. මොකද මෙවැනි වර්ගයේ ආදරයක් තුල යුවල සාමාන්‍යයෙන් පොදු අවශ්‍යතා වෙනුවෙන් එක්සත්ව කටයුතු කරනවා වගෙම ජීවිතය පිලිබද අදහස් හා හැගීම් වටහා ගැනීමේ හැකියාවකින්ද යුක්තව සිටිනවා. මනෝවිද්යාඥයො විශ්වාස කරන්නේ, එවැනි මහත් ලැදිකමකින් හා කැපවීමකින් තොර සම්බන්ධතාවයේ පරිපූර්ණ ප්‍රේමයකට වඩා තියෙන්නේ මිත්‍රත්වයක් බවයි.

 

3. හිස් ආදරය.

මෙවැනි ආකාරයේ යුවලවල් තුල දැඩි සමීපත්වයක් හා අධික ආශාවකින් තොර කැපවීමක් පමනක් දකින්න ලැබෙනවා. සමහර අවස්තාවලදි මෙවැනි ආකාරයේ සම්බන්ධතා විශාල උද්යෝගිමත් ප්‍රේමාන්විත කාලයකින් පසුව දිස් වෙන ආකාරය වෙන්නත් පුලුවන්. හිස් ආදරයක අත්දැකීම් ලබන පුද්ගලයන් බොහෝ විට වෙනස් වෙන්න පුලුවන්. මොකද ඔවුන්ගේ හැගීම් කෙරෙහි දැඩි ආශාවක් එකතු වීමේ හැකියාව තියෙනවා.

 

4. සමතුලිත ආදරය.

මෙවැනි ආකාරයේ ආදරයකට කැපවීම හා ආශාව ඇතුලත් වෙනවා. මෙවැනි ආකාරයේ සම්බන්ධතාවයක බොහෝ වෙලාවට සමීපත්වය එකිනෙකා කෙරෙහි ඇති වෙන්නෙ සාම්ප්‍රදායික විවාහ චාරිත්‍ර රකින්න, පොරොන්දු හුවමාරු කර ගන්න, නිවසේ කටයුතු බෙදා ගන්න උදෙසා පමනක් වන අතර ඉන් එහා ඉතා කිට්ටු ආශ්‍රයක් දකින්න ලැබෙන්නේ නැහැ.

බොහෝ මනෝවිද්යාඥයන් කියන්නේ එවැනි ආකාරයේ යුවලවල් වලට බොහෝ කාලයක් එකට ජීවත් විය හැකි වුනත් ඔවුන්ගේ සන්තෝෂය ඥාතිත්වය මත පමනක් රදා පවතිනවා කියලයි. මොකද ඔවුන් කිසිම විටක සහකරුව මිතුරකු ලෙස දකින්නෙ නැහැ.

 

5. රොමැන්ටික් ආදරය.

මේ වර්ගයේ ආදරයට දැඩි ආශාව වගෙම කිට්ටු සමීපත්වයත් අයිති වෙනවා. මෙවැනි ආකාරයේ යුවලවල් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වී සිටින අතර එකිනෙකා සමග ගැලපීම පහසු වෙනවා. නමුත් ඔවුන් බැරෑරුම් කැප කිරීමකට සූදානම් නැහැ. ඒ නිසා මෙවැනි සම්බන්ධතා බොහෝ විට විවාහක මට්ටම දක්වා පැමිනෙන්නේ නැහැ.

 

6. සහායකත්වය.

සහායකත්වය දක්වන ආදර වල ගොඩක් වෙලාවට ඇතුලත් වෙන්නෙ කැපවීම හා සමීපත්වයයි. මෙවැනි සම්බන්ධතා මිත්‍රත්වයට වඩා ශක්තිමත් වෙනවා සහ එකිනෙකා අතර සැබෑ බැදීමක් දකින්න ලැබෙනවා. මෙවැනි ආකාරයේ බැදීමක අධික ආශාව අඩුවෙන් දකින්න ලැබෙන නිසා මෙය නිර්මල ගිවිසුමක් විදියට හදුන්වන්නත් පුලුවන්. මනෝවිද්යාඥයන් විශ්වාස කරන්නේ මෙවැනි සම්බන්ධතා වසර ගණනාවක් ගත වීමෙන් පසුව සමහර විට විවාහයකින් කෙලවර වෙන්න පුලුවන් කියලයි.

 

7. පරිපූර්ණ ප්‍රේමය.

මෙවැනි ආකාරයේ ආදරය දැඩි ආශාව, සමීපත්වය හා කැපවීම යන සංරචක 3න්ම සමන්විත වෙනවා. මේ වර්ගයේ ආදරයක් සහිත යුවලවල් එකිනෙකාට සෑම විටම සමාන වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ඔවුන්ගේ වෙනස්කම් ගලපාගෙන සම්බන්ධතාවය රැක ගන්න කටයුතු කරනවා. මෙවැනි ආකාරයේ යුවලවල් වලට විවාහයෙන් පසු ජීවිතයත් සතුටින් භුක්ති විදීමට හැකියාව තියෙනවා.

මනෝවිද්යාඥයන් පවසන විදියට මේ සෑම ආකාරයේ ආදරයක්ම ඔබේ ජීවිත කාලයේදි ඔබට අත්දකින්න ලැබෙනවා. සමහර විට ඒ එකම පාර්ෂවකරුවෙක්ගෙන් වෙන්න පුලුවන්: (සමීපත්වය නව මට්ටම් වලට මාරු වීම නිසා.) නැතිනම් වෙනස් වෙනස් පාර්ෂවකරුවන්ගෙන් වෙන්න පුලුවන්. ඒ වගෙම සමහර විට ඔබේ ආදරය මේ වර්ග 7ටම අදාල නොවෙන්නත් පුලුවන්. කොහොම වුනත් සියල්ලම රැදී පවතින්නේ ඔබ 2නා අතර තියෙන සමබරතාවය මතයි.

ඉතින් මේ වර්ග 7න් කුමන වර්ගයට ඔයාගේ සම්බන්ධය අයිති වෙනවාද කියල බලන්න. ඒ අනුව ගලපගෙන ඔය දෙන්නගේ ආදරයත් පරිපූර්ණ ආදරයක් දක්වා අරගෙන එයි කියලා තමයි අපි මේ ලිපිය මගින් බලාපොරොත්තු වෙන්නේ.

ඔයාගේ අදහහස් අපිට කියන්න. සුභ දවසක්.

Facebook Comments
Like
6