මේ තරම් සුන්දර ස්ථාන මේ ලෝකේ තියෙන එකත් පුදුමයි

මේ පෘථිවිතලයේ නෙත් සිත් වශීකරන සුන්දර ස්තාන කොයි තරම් නම් තියෙනවද. මේ හැම තැනකටම අපේ ජීවිත කලේදි සැබෑවටම යන්න බැරි වුනත් මේ විදියට පින්තූර වලින් හරි බලන්න අපේ දෑස් පින් කරල තියෙනවා. පහලින් පෙලගස්වල තියෙන සුන්දර තැන් ටික බලන්නකො. ඔයාට ඇත්තටම අපේ ලෝකයට ආදරේ හිතෙයි..

1. Da Nang Golden Bridge – වියට්නාමය

මේක මෑත කාලයේදී වියට්නාමය තුල විවෘත වුනු පාලමක්. මෙය අති විශාල යෝධයකුගේ දෑත් මත රැදිලා තියෙන ආකාරයට තමයි ඉදි කරලා තියෙන්නේ. මේ සුවිශේෂි පාලම ඉදි කරන වසරක් විතර ගත වෙලා තියෙනවා.

 

2. Zhangjiajie National Forest Park – චීනය

මේ අපූරු වනෝද්‍යානය චීනයේ පළමු බලයලත් ජාතික උද්යානයයි. මේ උද්‍යානය චිත්‍රපටියක නිර්මාණය කරපු දර්ශනයක් වගේ තමයි දිස් වෙන්නේ. ආසියාවේ උප-නිවර්තන දේශගුණය සමග ශීත කාලයේ උණුසුමද, ගිම්හාන කාලයේ සිසිලසද සමග වසර පුරාම එය ඕනෑම ආකාරයක සංචාරකයන් සදහා ආකර්ෂණීය ස්තානයක් බවට පත්ව තියෙනවා. වනාන්තරයේ 98%ක් පමන වෞක්ෂලතා වලින් ආවරණය වී පවතින අතර එය සත්ව විශේෂ 700කට අධික ප්‍රමානයකට නිවහනක් සපයනවා.

 

3. Beachy Head – එක්සත් රාජධානිය

වලාකුලු වලටත් ඉහලින් උතුරු මුහුදට යාබදව තියෙන මේ සුදුපාට බිත්තිය ඇත්තටම අපූරුයි. උස් ස්තාන වලට ප්‍රිය කරන සංචාරකයන්ට නම් මේ තැනට ආවාම නැවත යන්න හිතෙන්නේ නැතුව ඇති.

 

4. Hamilton Pool Preserve – ටෙක්සාස්, එක්සත් ජනපදය

මේ මනස්කාන්ත දර්ශනය මීට වසර ගණනාවකට පෙර පැවති භූගත ගංගාවක් ස්වභාවික ඛාදනය වී හා කඩාවැටිමේ ප්‍රතිඵලයක් විදියට තමයි සෑදිලා තියෙන්නෙ. එහි Hamilton Pool Preserve කරා ජලය ගෙනියන ස්වභාවික දිය ඇලි නිර්මාණය වෙලා තියෙනවා. පිහිනීමට ප්‍රිය කරන සංචාරකයන්ට නම් මෙය කදිම ස්තානයක්.

 

5. Hinatuan Enchanted River – Surigao del Sur, පිලිපීනය

පිලිපීනයේ මින්ඩනාඕ දූපතෙහි පිහිටලා තියෙන මේ ගංගාව පිලිපීන මුහුද හා පැසිෆික් සාගරය හරහා ගලා බසිනවා. මේ ගංගාවේ තියෙන සුවිශේෂි වර්ණය හා තෙරක් නොපෙනෙන ගැඹුර නිසා මැජික් ගංගාවක හැගීමක් තමයි අරගෙන එන්නේ.

 

6. Northern Lake Baikal- රුසියාව

හරියට නිකන් කැඩිලා බිදිලා ගිය වීදුරුවක් වගේනේද පෙනෙන්නේ. මේ සයිබිරියාවේ පිහිටා තිබෙන ලොව විශාලතම මිරිදිය විල වන බයිකල් විල වන අතර මෙහි පෘතුවි මිරිදිය ජලයෙන් 20%කට වඩා වැඩි ප්‍රමානයක් අඩංගු වෙනවා. ජලයෙහි තියෙන අපූරු පැහැය නිසා ශිත සෘතුවෙදි අපූරු සන්සිධින් නිර්මානය කරන්න බයිකල් විලට හැකියාව තියෙනවා.

 

7. Pamukkale නාන තටාක – තුර්කිය

Travertine pools and terraces at Pamukkale, Turkey

මේ කිරිගරුඩ වැනි විනිවිද පෙනෙන ජලය සහිත ස්වභාවික තටාක තුර්කියේ පමුක්කල් වල තමයි පිහිටලා තියෙන්නේ. මේවා කාබනීකෘත ජලයෙන් පිරී ඇති අතර වසර පුරාම උෂ්ණත්වයද රදවා තබා ගන්න සමත් වෙනවා.

 

8. General Carrera විලේ කිරිගරුඩ ගුහා – චිලී

චිලී හි පැටොගානියන් ඇන්ඩීස් වල පිහිටි කිරිගරුඩ ගුහා ලෝකයේ වඩාත්ම හුදකලා ස්වාභාවික සම්පත් වලින් එකක් විදියට හදුන්වන්න පුලුවන්. මේක බැලූ බැල්මට කවුරුන් හෝ පින්සලකින් පින්තාරු කරලා තියෙනවා වගේ පෙනුනට ඇත්තටම මෙය වසර 6,000 පුරාවට ස්වභාවධර්මය විසින් තමයි නිර්මානය කරලා තියෙන්නේ.

 

9. Aleutian Islands – ඇලස්කාව, එක්සත් ජනපදය.

Aleutian දුපත් පිහිටලා තියෙන්නේ ඇලස්කාවේ නිරිත දිග ප්‍රදේශයේයි. මේ දූපත් සංචාරය කරන්න සුන්දරයි වගෙම භයානකයි කියලත් කියන්න ඕනේ. මොකද මෙහි සක්‍රිය ගිණිකදු 57ක් පමන තියෙනවා වගෙම 2වන ලෝක යුද්ධ සමයේ සටන් වැදුනු ප්‍රදේශයක් විදියටද ප්‍රසිද්ධයි.

 

10. Mount Bromo Volcano – ජාවා, ඉන්දුනීසියා

Mount Bromo, is an active volcano and part of the Tengger massif, in East Java, Indonesia.

මුලින්ම බැලූ බැල්මට මේ ස්තානය අති සුන්දර ස්තානයක් විදියට පෙනුනත් ඇත්තටම මෙහි සක්‍රිය ගිණි කන්දක් දකින්න ලැබෙනවා. මෙහි Bromo Tengger ජාතික උද්‍යානයද පිහිටලා තියෙනවා. මෙය ඉන්දුනීසියාවේ එකම ක්‍රියාකාරි ගිණිකන්දයි.

 

11. Millpu ස්වභාවික තටාක – පේරු

පේරු රාජ්‍යයේ මිල්පු වල තමයි මේ ස්වභාවික නාන තටාක පිහිටල තියෙන්නේ. එකිනෙකට වෙන්ව පිහිටා තියෙන පැහැදිලි ජලය සහිත මේ පිහිණුම් තටාක ඇත්තටම පුදුමාකාරයි.

 

12. Zakynthos Island – ග්‍රීසිය

වඩාත්ම ලස්සන අයෝනියානු දූපත් වලින් එකක් විදියට සකින්තොස් හදුන්වන්න පුලුවන්. මෙහි ජලය කොයි තරම් නම් පැහැදිලිද කියනවා නම් ඔබේ සෙවනැල්ල මීටර් 5ක් පමන ගැඹුරින් ඇති වැලි වල පවා දැක ගන්න පුලුවන්. මේ සුන්දර වෙරල තීරය දිවයිනේ වයඹ දිගින් හුදකලාව පිහිටා ඇති අතර එයට පිවිසිය හැක්කේ මුහුද හරහා බෝට්ටුවකින් පමනයි.

 

13. Ik-Kil Cenote, Chichen Itza – මෙක්සිකෝ

Ik-Kil Cenote, Chichen Itza, Mexico

යුකැටන් අර්ධද්වීපයේ උතුරු දෙසින් පිහිටා ඇති මේ Ik-Kil අහසට විවෘත වී ඇති මැජික් විවරයකින් යුක්තයි. මේ තටාකයේ විෂ්කම්භය අඩි 85 ක් සහ ගැඹුර අඩි 200 ක් පමන වෙනවා. මෙහි ඉහල සිට පහලට විහිදෙන වැල් තටාකයට ජලය සපයන දිය ඇලි වල ස්වරූපයක් ගන්නවා. මේ වටා පඩිපෙලක් ඉදිකර තියෙන අතර සංචාරකයන්ට පිහිනීම සදහා පහසුකම් සපයා දෙනවා.

 

14. Salt Lake – සලාර් ඩි අයුනි, බොලිවියා

Salt lake – Salar de Uyuni in Bolivia

සලාර් ඩි අයුනි යනු දකුණු ඇමරිකාවේ කැපී පෙනෙන සංචාරක ප්‍රදේශයක්. මේ විලේ ඇති ලුණු කබොල සමහර කාලවලදි ක්ෂිතජය දක්වා ව්‍යාප්ත වෙනවා. සලාර් ඩි අයුනි කියන්නේ වර්ග කිලෝමීටර් 10,582 ක් පුරා පැතිරී තියෙන ලෝකයේ ලොකුම ලුණු ආවරණ තට්ටුවක් සහිත විලයි.

 

15. Grand Prismatic Spring – වියෝමිං, ඇමරිකාව

Yellowstone’s grand prismatic spring

මේක පොටෝෂොප් වලින් හදපු එකක් නෙමෙයි, යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ පිහිටා තියෙන Grand Prismatic උල්පතයි. මෙය එක්සත් ජනපදයේ තියෙන විශාලතම ස්වභාවික උල්පතයි. මෙහි විෂ්කම්භය මීටර් 370 ක් සහ ගැඹුර මීටර් 60 කි. මේ උලපත වටා දේදුණ්නක වර්ණ ඇති වෙලා තියෙන්නේ ක්ෂුද්‍ර සමීකරණ වල ප්‍රතිඵලයක් විදියටයි.

 

16. Huacachina ක්ෂේම භූමිය – පේරු

හුවාකචිනා කියන්නේ වැලිවලින් වටවෙලා තියෙන ක්ෂේම භූමියක් වටා ඉදිකරලා තියෙන සුන්දර ගමක්. මේ මැද පුංචි විලකුත් දකින්න ලැබෙනවා. හුවාකචිනා ගම්මානයේ ජනගහනය 100ක් පමන වන අතර එය අයිකා නගරයට කිලෝමිටර 5 පමන දුරින් පිහිටලා තියෙනවා.

 

17. පාවෙන ධීවර ගම්මානය – හැලොන් බොක්ක, වියට්නාමය.

කුවා වෑන් නමින් හදුන්වන මේ ධීවර ගම්මානය හැලොන් බොක්කේ පිහිටා තියෙන අතර එය ලොව විශාලතම පාවෙන ගම්මාන වලින් එකකි. මෙහි ප්‍රදේශවාසින් බහුතරයක් ධීවරයන් වන අතර ඒ අවට ප්‍රදේශයේ ඉඩම් සහ නිවාස දකින්න ලැබෙන්නේ නැහැ. මුහුදේ පාවෙන ගෙවල් පමනයි දකින්න ලැබෙන්නේ. මේ පාවෙන ගෙවල් අතර පාසල් හා ක්‍රියාකාරි මධ්‍යථාන තිබෙන අතර ගමේ එක් එක් පැත්තට මාරු විම සදහා බෝට්ටු භාවිතා කරනවා.

 

18. Iguazu Falls – බ්‍රසීලය

ආජන්ටිනාව හා බ්‍රසීලයට මායිම්ව පිහිටා තියෙන මේ සුන්දර දිය ඇලි ඉගසු ගංගාවට තමයි අයිති වෙන්නේ. මෙය ලොව විශාලතම දිය ඇලි ජාලය විදියට හදුන්වන්න පුලුවන්. දේශීය පුරාවෘත්තයට අනුව, දෙවිකෙනෙක් කාන්තාවකට ආදරය කර ඇති අතර පසුව එම කාන්තාව ඔහුව මුලාවට පත් කර තියෙනවා. පසුව දෙවියා කාන්තාවගෙන් පලි ගැනිමට සිතා ඇයව සහ ඇගේ පෙම්වතාව වෙන් කිරිමට ගංගාව දෙකට වෙන්කර තිබෙනවා.

 

19. The Dark Hedges – උතුරු අයර්ලන්තය

Dark Hedges

Dark Hedges කියන්නේ උතුරු අයර්ලන්තයේ, බීච් ගස් වලින් පිරුණු මායාකරි පෙනුමක් ගන්න බ්‍රේග මාර්ගයයි. ජනප්‍රිය Game of Thrones චිත්‍රපටිය නිර්මාණය සදහාත් මේ මාර්ගය භාවිතා කර තියෙනවා.

 

20. Torres del Paine National Park – පැටගනියා, චිලී

Torres del Paine ජාතික උද්‍යානය අලංකාර කදු, ගංගා, විල්, දිය ඇලි ග්ලැසියර් වලින් සමන්විත පාරාදීසයක්. මේ අලංකාර ස්වර්ගය චිලී හි වඩාත්ම සංචාරක ආකර්ෂණය සහිත ස්තානයයි. වාර්ෂිකව සංචාරකයන් 252,000 පමන මේ උද්‍යානය නැරඹීම සදහා පැමිනෙනවා.

මේ තැන් වලින් ඔය වැඩියෙන්ම යන්න කැමති තැන මොකක්ද? අදහස් අපිත් එක්ක බෙදා ගන්න. සුභ දවසක්.

Facebook Comments
Like