මේ ලෝකේ තාමත් යහපත් මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා කියන එක මේ ඡායාරූප ටිකෙන් හොදටම ඔප්පු වෙනවා

කාරුණික හදවත් තියෙන පුද්ගලයො අපේ සමාජේ මේ වෙනකොට හොයා ගන්න ටිකක් අමාරුයි. හැබැයි කලාතුරකින් ඒවගේ අයව අපිට දකින්න ලැබෙනවා. මේ පහලින් තියෙන්නෙ ඒකට හොදම උදාහරණ ටිකක්.

1. පොත් මිලදී ගන්න සල්ලි නැති නිසා මේ මහළු කාන්තාව නිතරම පොත් සාප්පුවට ගිහින් හිටගෙනම පොත් කියවනවා. ඒක දැකපු කාරුණික හිමිකරු ඇය වෙනුවෙන්ම පොඩි බංකුවක් සකස් කරලා.

2. දුම්රියකදි අඩන දරුවෙක්ව සනසන්න තමන්ගේ වයලිනය වාදනය කරන අපූරු පුද්ගලයෙක්.

3. ශරීර දුර්වලතාවය නිසා රූපලාවන්‍යාගාරයෙන් සේවය සලසන්න ප්‍රතික්ෂේප කරපු මේ ආබාධිත තරුණියගේ නියපොතු, එහි අයකැමිවරිය විසින් ඇගේ විවේක කාලයේදි වර්ණ ගන්වන අයුරු.

4. මේ කෙන්යානු කාන්තාව ඇයගේ කුඩා කාලයේ මිතුරකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පාරෙ දුක්විදිමින් සිටින විට ඔහුව අරගෙන ගිහින් පුනරුත්ථාපනය කරලා තියෙනවා.

5. එක්සත් ජනපදයේ ජීවත් වන මැරින්ට, මව මියගිය පුංචි හා පැටවු 4 දෙනෙක් හමු වෙලා තියෙනවා. ඔහු දවසට 4 වතාවක් මාස 2ක් පුරා මෙසේ කිරි පොවමින් ඔවුන්ව ඇති දැඩි කර තියෙනවා.

6. වෘත්තියමය නළුවෙක් සහ සංගීතඥයෙක් වන විලියම් බොයජියන් අන් අයගේ අවශ්‍යතා සදහා කාර්යබහුල දුම්රිය ස්ථාන වල ගිටාර් වාදනයේ යෙදෙමින්.

7. වාහනයේ තියෙන අංක තඩුව අයිතිකාරයට ගැලපෙන්නෙ නැහැ වගේ නේද.

8. ගංවතුරට පසුව අසරණ වුන බල්ලන් සහ පූසන්ව හදා වඩා ගන්න ලබා ගන්න තමයි මේ අය මෙහෙම පොලිමේ රැදිලා ඉන්නේ.

9. “මේ සතියේ මට ඒ තරම් සල්ලි හම්බ වුනේ නැහැ..” මම මගේ දුවට කිව්වා. නින්දෙන් අවදිවෙනකොට ඇය මගේ ඇද ලග මෙහෙම සටහනක් තියලා ගිහින් තිබුනා.

10. මේ පුංචි දරුවගේ අම්මට හදිසි වෛද්‍ය කටයුත්තකට යන්න සිදුවුනාම කාරුණික නිලධාරියෙක් දරුවාව බලා ගැනීමට බාරගෙන.

11. කැනඩාවේ දරුවන් නිවාස අහිමි පුද්ගලයන්ට ශීත කබා පාරේ කණුවල ගැටගසා තියෙන්නෙ මෙහෙමයි.

12. “විදුහල්පතිතුමා පිරිමි ළමයි දෙදෙනෙකුට ඔවුන්ගේ කලිසම් ඉතා ලස්සන බව කියා තිබෙනවා. ඔවුන් දෙදෙනා නැවත ගිහින් ඔහුටත් එවැනිම කලිසමක් ගෙනැවිත් දී තියෙනවා.”

13. බේස් බෝල් රසිකයෙක් අනුස්මරන දිනයකදි JROTC නිලධාරියකුට කුඩයක් ඉහලමින්.

14. ශීත සෘතුවේ සෑම රාත්‍රියකම ග්‍රීසියේ මේ කෝපි අවන්හල පාරේ ජීවත් වෙන සුනඛයන් සදහා නවාතැන්පලක් ලෙස විවෘත වෙනවා.

15. වැලන්ටයින් දිනයේදි නොමිලේ මල් සපයන ස්තානයක්.

16. වයස 92ක් වෙන සීයා වයස 93ක් වෙන අත්තම්මට උපන්දින සුභ පැතුම් පතක් සාදමින්.

17. මේ පුද්ගලයා ඔහුගේ පලමු වැටුපෙන් විදී දරුවන් පිරිසක්ව මැක්ඩොනල්ඩ් වෙත අරගෙන ගිහින්.

18. රෝද පුටුවල දිවි ගෙවන දරුවන්ගේ විනෝදය වෙනුවෙන් සෑදුනු ක්‍රීඩා පිටියක්.

19. දියේ ගිලී මිය යමින් සිටින පූස් පැටියෙක්ව තමන්ගේ කුඩය භාවිතයෙන් බේර ගන්න පුද්ගලයෙක්.

20. තරග අවසානයේ තම locker room එක හොදින් පිරිසිදු කල ජපාන ජාතික පාපන්දු කණ්ඩායම ජයග්‍රාහි රුසියානු පිලට ස්තුති කිරීමේ සටහනකුත් තබා ගිහින්.

21. නිව් යෝර්ක් නගරයේ උමං දුම්රිය මාර්ගයකදි තමයි මේ සුන්දර ඡායාරූපය සටහන් වෙලා තියෙන්නේ.

22. දුම්රිය මගහැරුනු පුද්ගලයෙක් මහළු කාන්තාවකට ඇගේ බෑගය රැගෙන යන්න උපකාර කරමින්.

23. සහෝදර ප්‍රේමය කියන්නේ මේක තමයි.

24. සැරයන් මයික් මාරියෝට කැතරිනා චණ්ඩ මාරුතයෙන් වසර 10කට පෙර මුදවා ගත් ගැහැණු දරුවකු නැවත මුන ගැසී.

කාරුණිකත්වයට උදාහරණ දෙන්න පුලුවන් තවත් ඡායාරූප ඔයා ලග තියෙනවද? ඔයාගේ අදහස් එක්කම ඒවා අපිත් එක්ක බෙදා ගන්න. සුභ දවසක්.

Facebook Comments
Like
3