සමාජය ඉදිරියේ අපිව අපහසුතාවයට පත්කරන ශරීරයේ ප්‍රතික්‍රියාවන් පාලනය කරන්නෙ කොහොමද

අපේ ශරීරයේ පාලනය සම්පූර්ණයෙන්ම අපි සතු කර ගන්න බැහැ. මොකද ගොඩක් වෙලාවට අපේ බොහෝ භෞතික ක්‍රියාවලින් පාලනය වෙන්නේ ශරීරයේ ප්‍රතිචාර මගිනුයි. මෙවැනි අවස්තා මාරාන්තික නොවුනට එවැනි විටක අපිට සමාජය ඉදිරියේ බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔන්න එවැනි ගැටලු කිහිපයකට විසදුම් තමයි මේ පහලින් දක්වලා තියෙන්නේ.

1. හදවතේ වේගවත් ස්පන්දනය නැවැත්වීමට මහපට ඇගිල්ලට පිඹින්න.

නිතරම හෘද ස්පන්දනය වැඩි වීම ආතතියේ ප්‍රතිඵලයක් විදියට දක්වන්න පුලුවන්. බොහෝ වෙලාවට හෘද ස්පන්දනය වැඩි වීමේ සිදුවීමට: වැදගත් ඉදිරිපත් කිරීමක් සිදු කරන්න සූදානම් වන විට, විභාගයකට මුහුණ දෙනවිට, යම් පරික්ෂණයකට සූදානම් වන විට ඔයාට මුහුණ දෙන්න සිදු වෙලා ඇති.

ඔන්න මේ ගැටළුවට සරල විසදුමක් තියෙනවා: ඔයාගේ මහපට ඇගිල්ලට හොදින් පිඹින්න. මොකද මහපට ඇගිල්ලේ ප්‍රදේශයට තමන්ගේම ස්පන්දනයක් තියෙනවා. ඉතින් එය සිසිල් කරන විට ස්පන්දනය මන්දගාමි වෙලා ඔයාට සන්සුන් වෙන්න පුලුවන්.

තවත් ක්‍රමයක් තියෙනවා: ඔයාගේ මහපට ඇගිල්ල මුඛය තුලට දමාගෙන පිඹින්න. එවිට ඔයාගේ වේගස් ස්නායුව උත්තේජනය වෙලා, හෘද ස්පන්දනය අඩු වෙලා සුවපහසු සන්සුන් බවක් දැනෙන්න පටන් ගනියි.

 

2. එක් පැත්තක වේදනාව අඩු කිරීමට ශරීරයේ බර මාරු කරන්න.

ජොගින් කිරීමෙදි බොහෝ දෙනෙක් අනපේක්ෂිතව ශරීරයේ එක් පැත්තක සිදු වෙන වේදනාවකට මුහුණ දෙනවා. මේ නිසා ඔවුන්ට ගොඩක් වෙලාවට ධාවනය මන්දගාමි කිරීමට වගෙම නතර කර දමන්න සිදු වෙනවා.

මේ ගැටළුව සදහා වඩාත්ම පොදු හේතුව වෙන්නේ ශරීරය උණුසුම් කිරීම ප්‍රමානවත්ව සිදු නොකිරීමයි. ඔබ දිවීම ආරම්භ කරන විට රුධිර ප්‍රවාහය ගමන් කිරිම සැලකිය යුතු ලෙස වැඩි වෙන්න පුලුවන්. නමුත් එවිට අක්මාවට හා ප්ලීහයට රුධිරය නැවත බෙදාහරින්න සහ එක් රැස් කරන්න ප්‍රමානවත් කාලයක් ලැබෙන්නේ නැහැ. මේ අවයව වලට ඉතා සිහින් ආවරණයයක් ඇති නිසා එවිට අධික රුධිරයක් ඇති විට එය තල්ලු කරනවා. වේදනාව ඇති වෙන්නේ එවිටයි.

මේ ගැටළුව සමග කටයුතු කිරීමේදි.: මුලින්ම දිවීමේ වේගය මන්දගාමි කරන්න. පසුව වේදනාව පැමිනි පැත්තට විරුද්ධ පැත්තට ශරීරයේ බර මාරු කරන්න. මේ ක්‍රියාවලිය ඔබ හුස්ම හෙලන විට සිදු කල යුතුයි. මෙය කිහිපවරක් සිදු කිරිමෙන් පසුව වේදනාව පහවෙලා යයි.

 

3. බෙල්ල උණුසුම් කිරීම මගින් අතේ හිරිය ඉවත් කරන්න පුලුවන්.

දෑතෙහි ඇගිලි වල ඇති වෙන හිරිය නිදාගෙන නැගිටීමෙන් පසුව, අධික වැඩ ප්‍රමානයක් කිරීමෙන් පසුව හෝ වෙනත් වැඩක නියැලෙන විටක ඇති වෙන්න පුලුවන්.

ඔයාටත් මේ වගේ අපහසුතාවයක් ඇති වුනොත්, අත් එසවීමෙන් හෝ ඇගිලි හා මැනික් කටුව නැවීමෙන් අත් උණුසුම් කරන්න. මෙය තවත් ඵලදායී වීම සදහා ඔයාගේ හිස දෙපසට නවන්න.

මෙහිදී ගෙල හරහා දිව යන ස්නායුව මිරිකීම නිසා දෑත් කම්පනයට පත් වෙනවා. ඒ වගෙම ගෙල සෙලවීම මගින් පේශි උත්තේජනය කර පීඩනය ලිහිල් කිරීමටද හැකියාව ලැබෙනවා. මේ ආකාරයට ඔයාට අතෙහි ඇති වෙන හිරිය මගහරවා ගන්න පුලුවන්. විශේෂයෙන් රිය පදවන අවස්තාවල ඇති වෙන අපහසුතාවයෙන් මිදෙන්න මෙමගින් හැකියාව ලැබෙනවා.

 

4. කණ සම්බාහනය කිරීම මගින් උගුරේ අපහසුතා මගහරවා ගන්න පුලුවන්.

සමහර අවස්තාවලදි උගුරේ පොපියන ස්වභාවයක් හෝ හිර ගතියක් ඇති වෙන්න පුලුවන්. මේ තත්වය ලිහිල් කරන එක ලේසි වෙන්නේ නැහැ.

එනිසා උගුරේ අපහසුතාවයකින් පෙලෙන විට එය ලිහිල් කිරීම සදහා ඔයාගේ කණ සම්බාහනය කරන්න. එවිට ස්නායු උත්තේජනය වීම නිසා හා උගුරේ පේශි ලිහිල් වීම නිසා පොපියන ස්වභාවය හා අපහසුතා පහව යනවා.

මේ අවයව දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඕනෑම කන් හැසිරවීමක් උගුරට බලපාන අතර සමහර පුද්ගලයන්ට කන් පිරිසිදු කරන විට කැස්ස ඇති වෙන්නේ ඒ නිසයි. මේකට හේතුව කනට අයිති ස්නායු ශාඛාවට සම්බන්ධ වේගස් ස්නායු පද්ධතියෙ විශේෂ සංවේදීතාවයයි.

 

5. කැස්සක් මගින් එන්නත් වේදනාව අවම කර ගන්න.

එන්නත් විදීමේදි ඇතිවෙන වේදනාව දරා ගැනීමට නොහැකියි නම් මෙන්න තියෙනවා සරල විසදුමක්.

ඔබ එන්නත විදීමට ආරම්භ කරන විටම කැස්සක් ඇති කරන්න ගන්න. එවිට වේදනාව ලිහිල් කර ගන්න පුලුවන්. ප්ලාස්ටික් සැත්කම් පිලිබද බ්‍රිතාන්‍ය සගරාවක් මගින් තමයි මුලින්ම මේ උපාය ගැන තොරතුරු හෙලි කරලා තියෙන්නේ. ඔවුන් පසවන විදියට මෙයින් රෝගියාගේ අවදානය වෙනතකට යොමු වෙනවා වගෙම ධමනි වල පීඩනයත් වැඩි වෙනවා.

ඒවගෙම එන්නත් විදීමෙදි රෝගියාගේ අවදානය වෙනතකට යොමු කල හැකි ඕනෑම ක්‍රියාවක් මෙහිදි සිදු කල හැකියි.

 

6. නාසය අවහිර වීමකදි ඇහි බැම දෙක අතර ප්‍රදේශය පිරිමදින්න.

නාසයේ බර ගතියකදි වගෙම සිර ගතියකදි භාවිතා කරන්න පුලුවන් විවිධ විදියේ ඖෂධ වර්ග තියෙනවා.

නමුත් ඒ කිසිදු බාහිර ඖෂධයකින් තොරව නාසය ලිහිල් කිරීමේ හැකියාව තියෙනවා: ඔබේ දිව තල්ල දෙසට තල්ලු කරගෙන ඇහි බැම දෙක අතර ප්‍රදේශය ඇගිලි වලින් තෙරපන්න. තත්පර 20ක් මේ ආකාරයෙන් සිටීම ප්‍රමානවත්. අවශ්‍ය නම් කිහිපවරක් නැවත නැවත කරන්න.

 

7. තුවාලයක වේදනාව අඩු කිරීම සදහා දූරදර්ශකයක් මගින් තුවාලයේ යටි අතින් බලන්න.

අපිට දැනෙන සෑම වේදනාවක් සදහාම මොළය වගකිව යුතුයි. ඒ වගෙම ඕනෑම අන්තරායක් පිලිබද අපව දැනුවත් කරන්නෙත් මොළයයි. ඒනිසා මෙහිදි මොලයට තුවාලය දකින තරම්ම නරක නැති බව ඇගවීම මගින් අපිට උපායශීලිව වේදනාව අඩු කර ගන්න හැකියාව තියෙනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයේ විද්යාඥයෝ විසින් දිගු කාලයක් තිස්සේ තුවාල වේදනාවෙන් පෙලෙන අය සමග මේ අත්හදා බැලිම සිදු කර තියෙනවා. මෙහිදි සහභාගි වූ රෝගින්ට තුවාලය දෙස විවිධ කෝණ වලින් සහ දුර ප්‍රමාන වලින් සිට බලන ලෙස පවසලා තියෙනවා. මෙහිදි වේදනාකාරි ප්‍රදේශය විශාලව පෙනෙනවා නම් පුද්ගලයාට වැඩි වේදනාවක් දැනුන අතර තුවාල පරිමානය කුඩා නම් වේදනාව අඩුවෙන් දැනුනා.

මේ ප්‍රතික්‍රියාව සදහා හේතු වෙන්නේ මොළයේ තර්කානුකූල ක්‍රියාවලියයි.

 

8. ඔබට වැසිකිලියාමට බලා සිටිය නොහැකි නම් ඔබේ බත් කෙණ්ඩ සූරන්න.

අනපේක්ෂිත අවස්තාවකදි අපිට වැසිකිලි යාම සදහා හදිසි අවශ්‍යතාවයක් ඇති වෙන්න පුලුවන්. මෙහිදි මේ කාර්ය ඉතාම නොසන්සුන් හා වේදනාකාරි දෙයක් බවට පත් වෙන්නේ, වැසිකිලිය භාවිතා කිරීමේ අවශ්‍යතාවය මොළය මගින් අපිට ගෙන එන නිසයි. එවිට ඉක්මන් වීම සදහා සංඥාව තවත් වැඩි කරන්න පුලුවන්. නමුත් අපිට සිතෙනවාට වඩා, කායික වශයෙන් අපිට තව බොහෝ වෙලාවක් රැදී සිටීමේ හැකියාව තියෙනවා.

මේ සදහා විසදුමක් තියෙනවා: වැසිකිලි යාම මදක් ප්‍රමාද කිරීමට ඔබේ බත් කෙණ්ඩ තත්පර කිහිපයක් සූරන්න. එවිට ඔබට වඩාත් සැහැල්ලුවෙන් මද වෙලාවක් රැදී සිටීමට හැකියාව ලැබෙනවා.

හැබැයි මේ කාරණේ කාන්තා පාර්ෂවයට විතරයි ඵලදායි ප්‍රතිඵල ගෙන එන්නේ.

 

9. ඉස කරකැවිල්ල ඉවත් කරන්නේ මෙහෙමයි.

ඉස කරකැවිල්ල බරපතල රෝගා බාධයකදි වගෙම වාතය ඇවිස්සීමකදි, ආතතිය හෝ භීතියකදි වැනි සුලු සාධක හේතුවෙන්ද ඇති වෙන්න පුලුවන්. මෙවැනි අවස්තාවකදි වාඩි වෙලා තත්වය පහව යන තුරු රැදී සිටීමට ඔබට සිදු වෙනවා. නමුත් එසේ නොවී ඔබට සරල ව්‍යායාමයක් මගිනුත් තත්වය සමතයකට පත් කර ගන්න පුලුවන්.

කොලරාඩෝ විශ්ව විද්යාලයේ විද්යාඥයෙකු සොයා ගෙන තියෙන ආකාරයට මෙවැනි අවස්තාවකදි ඔබේ හිස මදක් ඔසවලා නැවත සෙමින් පහත් කරලා පසුව වම් උරහිස දෙසට හිස හරවන්න. මෙසේ මිනිත්තුවක් පමන සිදු කරන්න.

 

10. සිසිල් වීම සදහා ඔබේ ශරීරයේ ඕනෑම ස්පන්දන ලක්ෂයක් මත සිසිල් දෙයක් ස්පර්ෂ කරන්න.

ගිම්හාන කාල වලදි ක්‍රීඩකයන් බොහෝ විට ශරීරයේ අධික තාපය හේතුවෙන් අපහසුතාවයට පත් වෙනවා. මෙහිදි ශරිර උෂ්ණත්වය අඩු කිරීමට සරල ක්‍රමයක් තියෙනවා: ඔයාගේ ශරිරයේ ඕනැම ස්පන්දන ලක්ෂයකට සීතල යමක් තියෙන්න.

ශරීරයේ ස්ප්නදන ලක්ෂ කිහිපයක්ම තියෙනවා.: නලලේ කෙලවර, මැනික් කටුව හා දණහිස යට. මේ ස්තාන වලට ව්‍යායාම හෝ ක්‍රීඩාවල නිරත වෙන විට තෙත ර්විස්ට් බෑන්ඩ් සහිත හිස් පටි භාවිතා කරන්න පුලුවන්. එමගින් ඔයාගේ ශරීර උෂ්ණත්වය පාලනය කරනු ලබනවා.

මේ අපූරු තොරතුරු ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඔයාගේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා.

Facebook Comments
Like